දෙවැනි දිනටත් කොවිඩ් මරණ 150 සීමාව පසුකරයි


ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ දෙවැනි දිනටත් 150 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ඊයේ දිනයේදීත් කොවිඩ් මරණ 155ක් වාර්තා වී තිබේ.

මෙම මරණ අතරින් මරණ 3ක් අවුරුදු 30 ට අඩු අය වන අතර ඉතිරි මරණ අවුරුදු 30ට වැඩි අය වෙයි.

කාන්තාවන් 70ක් හා පිරිමින් 85ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව  5775 දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles